01

E   |     |  

 දිනය: 2018-09-07   පිළිතුර ලබා දී ඇත 

0584/2018: Payment of disabled allowance in North Western Province

584/’18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වයඹ පළාත තුළ දැනට ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2015 වර්ෂයේ සිට විශාල පිරිසක් ආබාධිත දීමනාව ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බව දන්නේද;

  (iv) පොරොත්තු ලේඛනයේ දිගු කාලයක් රැඳී සිටින පිරිසට ආබාධිත දීමනාව ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-07

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks