01

E   |     |  

 දිනය: 2018-09-21   පිළිතුර ලබා දී ඇත 

0568/2018: Water Bowsers for drought hit Puttlam district by Home Affairs Ministry

568/’18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියඟයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ සඳහා බවුසර් ලබාදීමේ වැඩසටහනක් දියත්කර තිබේද;

             (ii)       එසේ නම්, මේ දක්වා එසේ බවුසර් ලබාදී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

(iii) දැඩි නියඟයකට ලක් වූ පුත්තලම දිස්ත්‍රික්කයට ලබාදුන් බවුසර් සංඛ්‍යාව හා ඒවා ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බවුසර් ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-21

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks