01

E   |     |  

 දිනය: 2018-10-12   පිළිතුර ලබා දී ඇත 

0545/2018: Waiting List for surgeries in main Government Hospitals

545/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කොළඹ, ගාල්ල, යාපනය, නුවර, බදුල්ල, අනුරාධපුර සහ අම්පාර ආදී ප්‍රධාන රජයේ රෝහල්වල ශල්‍යකර්ම උදෙසා පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්  කවරේද;

(ii) මෙම රෝගීන් සංඛ්‍යාව පසුගිය වසර 3 තුළ කෙතරම් ප්‍රමාණයකින් වැඩිවී හෝ අඩුවී තිබේද;

(iii) 2017.11.30 දිනැති සෞඛ්‍ය හා මානව සුබසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ නිර්දේශය පිළිබඳව දන්නේද;

(iv) එසේ නම්,  ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කාලරාමු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ‘ලිට්ල් හාට්’ ව්‍යාපෘතියට අවශ්‍යව ඇති මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැයෙන් ලබාදෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-12

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks