01

E   |     |  

 දිනය: 2018-09-21   පිළිතුර ලබා දී ඇත 

0543/2018: Calling for Tenders for the construction of industries in Hambantota Port premises

543/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2010, 2012 හා 2016 වර්ෂවලදී හම්බන්තොට වරාය භූමියේ කර්මාන්ත සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;

             (ii)       එසේ නම්, එම අවස්ථාවල දී හෙක්ටයාරයක් සඳහා රජයේ වාර්ෂික තක්සේරු බදු මුදල කොපමණද;

(iii) 2010 හා 2012 වර්ෂවලදී එය හෙක්ටයාරයක් සඳහා ඇ.ඩොලර් 50,000ක් හා 2016 දී හෙක්ටයාරයක් සඳහා ඇ.ඩොලර් 56,000 ලෙස තක්සේරු කර තිබේද;

(iv) වර්තමානයේ එම තක්සේරු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හම්බන්තොට වරායේ මෙම ඉඩම් චීන සමාගමට ලබාදීමේදී හෙක්ටයාරයක් සඳහා තක්සේරු කළ මිල කොපමණද;

 

(ii) වර්ෂ ගණනාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ කටයුතු කර නිවැරදි ටෙන්ඩර් පටිපාටිය යටතේ අනුමතිය ලබා ගත් ආයෝජක සමාගම්වලට සුදුසු වෙනත් ස්ථානයක් ලබාදෙන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-21

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks