පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1974 අංක 35 දරන රේගු (සංශෝධන) පනතින් සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 19 (අ) වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් රේගු තීරුබදු සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ජනවාරි 06 දිනැති අංක 1844/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 2007, 2008, 2009, 2010 සහ 2011 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(iii) 2013 වර්ෂය සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ
(iv) 2013 වර්ෂය සඳහා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික මංමාවත් පනත යටතේ නියෝග
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"සත්ව හිංසනය වැළැක්වීම සඳහා නව නීති කෙටුම්පත් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2014 මැයි මස 7 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks