පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2013
(ii) 2009 සහ 2010 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ
(iii) 2010 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
(iv) 2010 සහ 2011 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයනය පිළිබඳ විද්‍යාලයේ
(v) 2011 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ
(vi) 2011 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ
(vii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ
(viii) 2011 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(ix) 2011 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ
(x) 2011 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
වාර්ෂික වාර්තා
(xi) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2012 වර්ෂයේ පැවති 101 වන සැසිවාරයේ දී පිළිගනු ලැබූ නිර්දේශය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “එම්. එස්. තව්ෆීක් පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතාට අවසර දෙන ලදී.
(ii) “ධූරයෙන් ඉවත් කිරීම පිණිස යෝජනා සම්මතයක් ඉදිරිපත් වූ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා සාධාරණ, ස්වාධීන සහ අපක්ෂපාත නඩු විභාගයක් සහතික කිරීම, විමර්ශන කටයුතු සඳහා ක්‍රියා පටිපාටියක් හඳුන්වාදීම සහ ඊට අදාළ වන්නා වූ කරුණු සහ ආනුෂංගික කරුණු සඳහා පනවනු ලබන්නා වූ පනත් කෙටුම්පත”
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 34; විරුද්ධව 72) ගරු විජයදාස රාජපක්ෂ මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර නොදෙන ලදී.
(iii) “ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (iii) පනත් කෙටුම්පත් සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) මෝටර් වාහන පනත යටතේ නියෝග
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ගල් ඔය ජාතික වනෝද්‍යානය සංරක්ෂණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2014 ජනවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks