බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ
(ii)    2009 සහ 2010 වර්ෂ සඳහා ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ
(iii)    2009 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ
(iv)    2011/2012 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි
(v)    2011 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ
(vi)    2011 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI)

වාර්ෂික වාර්තා

(vii)     2012/2013 වර්ෂය සඳහා ඩී.එෆ්.සී.සී. බැංකුවේ විගණකවරුන්ගේ වාර්තාව හා ගිණුම්

(viii)    2012 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ
(ix)    2012 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(x)    2012 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“රාජ්‍ය සේවක සංවර්ධන පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ‍දේශීය ආදයම් පනත යටතේ යෝජනා හතරක්
(ii)    වෙළඳ නැව් පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1914 ට 2013 ඔක්තෝබර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks