පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා මහජන බැංකුවේ
(ii) 2011 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ
(iii) 2011 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ
(iv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ
(v) 2011/2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් එයාලයින්ස්හි
වාර්ෂික වාර්තා
(vi) 2012 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ
(vii) 2012 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ
(viii) 2012 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ
(ix) 2012 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ
(x) 2012 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ
(xi) 2011 සහ 2012 වර්ෂ සඳහා පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ
(xii) 2012 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(xiii) 2012 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (සංශෝධන)
1988 අංක 53 දරන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා
නීතිය හා සාමය පිළිබඳ උපදේශක කාරක සභාව යනුවෙන් උපදේශක කාරක සභාවක් පත් කළ යුතු ය.
අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා, අංක 106 දරන ස්ථාවර නියෝගයේ විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, එකී උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (05) නොඅඩු සහ විසිපස් දෙනෙකුට (25) නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
මෙම උපදේශක කාරක සභාවේ ගණපූරණය සභික මන්ත්‍රීන් තිදෙනෙකු (03) විය යුතු ය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු හුනෙයිස් ෆාරුක් මහතාට අවසර දෙන ලදී;
(i) අල්මනාර් විදුහල (සංස්ථාගත කිරීමේ)
(ii) මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා සහ සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උතුරු පළාත් සභා මැතිවරණය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2013 ඔක්තෝබර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks