බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 අගෝස්තු 01 දිනැති අංක 1821/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ii)    2009 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
(iii)    20092010 සහ 2011 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ
(iv)    2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ
(v)    2010 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ
(vi)    2010 සහ 2011 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(vii)    2010 සහ 2011 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ
(viii)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
(ix)    2011 වර්ෂය සඳහා බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ
(x)    2011 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
(xi)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ
(xii)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
(xiii)    2011 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ

වාර්ෂික වාර්තා

 

පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු ජනදාස පීරිස් මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු වල්පිටගම ආරියපාල මහතා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“වල්පොල පියානන්ද අධ්‍යාපන සහ සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා සහන ලබාදීමේ වැඩසටහන කඩිනම් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1705 ට 2013 සැප්තැම්බර් මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks