බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලද නියම

(i)    2012.12.08 දිනැති අංක 1787/41 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ii)    2013.02.08 දිනැති අංක 1796/20 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iii)    2013.05.03 දිනැති අංක 1808/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv)    2013.06.07 දිනැති අංක 1813/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය


(v)    (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් ‍වූ යෝජනාව (2013.06.20 දිනැති අංක 1815/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vi)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 අ වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ආනයන භාණ්ඩ තීරුබදු සම්බන්ධයෙන් සාදන ලද නියෝගය (2013.06.20 දිනැති අංක 1815/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


(vii)    2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ
(viii)    2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
(ix)    2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ
(x)    2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ
(xi)    2010 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(xii)    2010 සහ 2011 වර්ෂ සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ
(xiii)    2011 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ
(xiv)    2011 වර්ෂය සඳහා ජෛව රසායන, අණුක ජෛව වේද හා ජෛවතාක්ෂණ ආයතනයේ

වාර්ෂික වාර්තා

(xv)    2012 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර දිසානායක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2013 ජූනි 19 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

“අභිමානී සමාජ සංවර්ධන හා අධ්‍යාපන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 130 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“මෑතකදී පරිසරයේ ඇති වී තිබෙන දේශගුණික විපර්යාස” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1502 ට 2013 ජූලි මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks