පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්
(iii) 2018 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(v) 2019 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පියංකර ජයරත්න මහතා
(ii) ගරු කුමාර වෙල්ගම මහතා
(iii) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(iv) ගරු චමින්ද විජේසිරි මහතා
(v) ගරු අජිත් රාජපක්ෂ මහතා
(vi) ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු බුද්ධික පතිරණ මහතා
(ii) ගරු චාල්ස් නිර්මලනාදන් මහතා
(iii) ගරු සම්පත් අතුකෝරල මහතා
(iv) ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iv) විසර්ජන පනත යටතේ යෝජනා පහක්
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් පසුව සිසුන්ගේ කාලය අපතේ යාම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මොහමඩ් මුසම්මිල් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2020 ඔක්තෝබර් මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks