බලන්න

E   |     |  

2019 ඔක්තෝබර් මස 23 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘B’ :  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම
‘C’ :  රජ‍යේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම
‘D’ :  “ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
‘E’ :  ගරු එස්. ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVIII කොටස;
•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XIII කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XII, XIII හා XIV කොටස්;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXI හා XXII කොටස්, තෙවැනි කාණ්ඩයේ IX කොටස සහ නවවැනි කාණ්ඩයේ VII, VIII, IX හා X කොටස්; සහ
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I හා II කොටස්, තෙවැනි කාණ්ඩයේ I හා II කොටස්, නවවැනි කාණ්ඩයේ I කොටස සහ දසවැනි කාණ්ඩයේ X කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ii)    2018 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2015 සහ 2016 වර්ෂ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(vi)    2018 වර්ෂය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)    2018 වර්ෂය සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2018 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix)    2018 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(x)    2018 වර්ෂය සඳහා කාලගුණ ‍විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xi)    2017 සහ 2018 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(xii)    2016 සහ 2017 වර්ෂ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(xiii)    2018 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(xiv)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xv)    2016 වර්ෂය සඳහා සීදුව, විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව
(xvi)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xvii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xviii)    2017 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(xix)    20142015 සහ 2016 වර්ෂ සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා
(xx)    2017 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xxi)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(xxii)    2014 සහ 2015 වර්ෂ සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා
(xxiii)    2012, 20132014 සහ 2015 වර්ෂ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තා
(xxiv)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xxv)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(xxvi)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xxvii)    2017 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(xxviii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ, ප්‍රාදේශීය සංවර්ධන අ‍ංශයේ සහ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxix)    (469 අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ කොටුඅත්තාවල අභයභූමිය සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 පෙබරවාරි 23 දිනැති අංක 2007/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxx)    (469 අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ කොඩිගහකන්ද අභයභූමිය සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ඔක්තෝබර් 03 දිනැති අංක 2039/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxi)    (469 අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය යටතේ කායන්කර්ණි සමුද්‍රීය අභයභූමිය සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අප්‍රේල් 11 දිනැති අංක 2118/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxii)    (235 අධිකාරය) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ ආනයන තීරු බදු නිදහස් කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 සැප්තැම්බර් 30 දිනැති අංක 2143/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, පළාත් සභා සහ පළාත් පාලන අංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxxiv)    2008 ජුනි 10 දිනැති අංක 1553/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග නැවත සමාලෝචනය හා සංශෝධනය කිරීමෙන් පසු රජයේ අනුමතිය සහිතව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා විසින් 2019 අගෝස්තු 09 දිනැති අංක 2135/61 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග
(xxxv)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ණඇ) සහ 61(1)(ණඈ) වගන්ති යටතේ ශ්‍රී ලංකා ජලජ තීරය තුළ මසුන් සහ ජලජ සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 03 දිනැති අංක 2008/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxxvi)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 28 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 61 වගන්තිය යටතේ ධීවර මෙහෙයුම්වල දී උල් කරන ලද කූරු භාවිතා කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 03 දිනැති අංක 2008/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxxvii)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 සහ 61(1)(ද) වගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 61 වගන්තිය යටතේ තඹුවා මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අප්‍රේල් 11 දිනැති අංක 2014/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxxviii)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ  61(1)(ද) වගන්තිය යටතේ මසුන් සහ ධීවර නිෂ්පාදන අපනයනය කිරීම, ආනයනය කිරීම හා ප්‍රති අපනයනය කිරීම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජුනි 15 දිනැති අංක 2023/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxxix)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ  61(1)(ඕ) සහ 61(1)(ත) වගන්ති යටතේ නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු වැළැක්වීමට, නතර කිරීමට සහ පිටු දැකීමට වරායන් සහිත රාජ්‍යයන්ගේ පියවරයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 13 දිනැති අංක 2027/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xl)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61 වගන්තිය යටතේ මසුන් ගොඩබෑම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 13 දිනැති අංක 2027/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xli)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 64(අ) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ  61(1)(ආ) වගන්තිය යටතේ මාදැල් මඟින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අප්‍රේල් 05 දිනැති අංක 2065/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xlii)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ත) වගන්තිය යටතේ විදේශීය ධජය සහිත ධීවර බෝට්ටුවල ධීවර කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා වන අවම ප්‍රමිති සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජනවාරි 25 දිනැති අංක 2107/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(xliii)    1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 6, 7, 8, 9 සහ 10 වගන්ති සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර මෙහෙයුම් සම්බන්ධයෙන් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 18 දිනැති අංක 2115/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xliv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xlv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xlvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, අධිකරණ පරිපාලන දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ,  මහා භාරකාර දෙපාර්තමේන්තුවේ, ප්‍රජා පාදක විශෝධක දෙපාර්තමේන්තුවේ සහ ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xlvii)    ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය  යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 23 දිනැති අංක 2137/85  දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xlviii)    ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය  යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අගෝස්තු 23 දිනැති අංක 2137/86  දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xlix)    2008


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks