පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘C’ : ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(iii) 2016-2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv) 2013, 2014 සහ 2015 වර්ෂ සඳහා සීමාසහිත ලංකා සතොස හි වාර්ෂික වාර්තා
(v) 2016 වර්ෂය සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(viii) 2017 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව
(ix) 2016 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව
(x) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව, 2019 ඔක්තෝබර් 03 දිනැති අංක 2143/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi) (469 අධිකාරය) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වගන්තිය යටතේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජුනි 22 දිනැති අංක 1920/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii) 2019 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2019.07.15 සිට 2019.09.15 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xix) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඕමාන් සුල්තාන් ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය යටතේ 2018 අගෝස්තු 15 දින ඇතිකර ගත් ගිවිසුම.
(xx) 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 9 වගන්තිය යටතේ සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 සැප්තැම්බර් 18 දිනැති අංක 2141/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කරන ලද 2019 ජුනි 20 දිනැති අංක 2128/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා ක්‍රමය
(xxi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xxiii) 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පිළිබඳ පනතේ 12(ඊ) වගන්තිය යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජූලි 24 දිනැති අංක 2133/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගෝපදේශ
(xxiv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxvi) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 18 දිනැති අංක 2128/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxviii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ, කම්කරු දෙපාර්තමේන්තුවේ සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xxx) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) “ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සහ එහි කාර්ය සටහන් එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(ii) ගරු කරුණාරත්න පරණවිතාන මහතා
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(iv) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු සුජිත් සංජය පෙරේරා මහතා
(vi) ගරු සන්දිත් සමරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා
පූජ්‍ය මේධාලංකාර හිමියන්ගේ දේහයේ ආදාහන කටයුතු හමුදා කඳවුරු පරිශ්‍රය තුළ සිදුකිරීමට ලබාදුන් උසාවි නියෝගය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ
“සමාගම් (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
(ii) ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා ද, වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“1986 අංක 28 දරන ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”
ඉදිරිපත් කිරීමට ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලද අතර, විෂය අංක 2 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී -
(i) පොදු කොන්ත්‍රාත් පනත යටතේ නියෝගය
(ii) ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පූජ්‍ය මේධාලංකාර හිමියන්ගේ දේහයේ ආදාහන කටයුතු නීරාවිඩිය පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය තුළ සිදුකිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1400 ට 2019 ඔක්තෝබර් මස 23 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks