බලන්න

E   |     |  

2019 සැප්තැම්බර් මස 17 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

(i)    ගරු සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු එච්. එම්. ඩී. බී. හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
(ii)    ගරු චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු මනෝජ් ප්‍රසංග හේවාගම්පලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
(iii)    ගරු කුඩා විදානලාගේ ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු කුඩා විදානලාගේ ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අභාවය
‘B’ :  "ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (සංස්ථාගත කිරීමේ)" නමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්බන්ධයෙන්
‘C’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්

(v)    2015/2016 වර්ෂය සඳහා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකාහි වාර්ෂික වාර්තාව
(vi)    2018 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(vii)    2015 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග   119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(xi)    2018 අංක 35 දරන මුදල් පනතේ 51 වගන්තිය සමඟ කියවිය යුතු 19 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපබෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xii)    2018 අංක 35 දරන මුදල් පනතේ 51 වගන්තිය සමඟ කියවිය යුතු 19 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපබෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 මාර්තු  07 දිනැති අංක 2113/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiii)    2018 අංක 35 දරන මුදල් පනතේ 51 වගන්තිය සමඟ කියවිය යුතු 19 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපබෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 අප්‍රේල් 09 දිනැති අංක 2118/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiv)    2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 69 වගන්තිය සමඟ කියවිය යුතු 33 වගන්තිය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ගණන් බේරා වසා දැමීමේදී හිමිකම් පෑම්වල ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 මැයි 31 දිනැති අංක 2125/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු බුද්ධික පතිරණ මහතා                -       පෙත්සම් දෙකයි   
(ii)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා         -       පෙත්සම් හතරයි   
(iii)    ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා      -       පෙත්සම් හතරයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    පඩිපාලක සභා (සංශෝධන) පනත් කෙටුම්පත
(iii)    කර්මාන්තශාලා ආඥාපනත යටතේ නියෝග පහක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අදාළ සේවාවන්ට අන්තර්ග්‍රහණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks