පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂය (2018.01.01-2018.12.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා වාර්ෂික ගිණුම් වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(vii) 2018 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(viii) 2018 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(ix) 2018 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(x) 2018 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xi) 2018 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xii) 2018 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xiii) 2018 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(xiv) 2018 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xv) 2018 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvi) 2018 වර්ෂය සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ධීවර අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xvii) 2018 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xviii) 2018 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xix) 2017 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xx) 2016 වර්ෂය සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(xxi) 2018.02.23 සිට 2018.10.12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.04.04 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ දෙවැනි වාර්තාවේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxii) 2018.02.23 සිට 2018.10.12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.04.04 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ දෙවැනි වාර්තාවේ විදේශ රැකියා අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(ii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු කේ. කේ. පියදාස මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු අනුර දිසානායක මහතා
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව ඉදිරිපත් නොකිරීම
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාවට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම
අමාත්‍යාංශ නිවේදන
(i) සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් 2019.05.24 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට පවරා දීම සම්බන්ධයෙන් 2019.06.04 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රටේ ආරක්ෂාව සහ ආර්ථිකය සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුම්” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2019 ජුනි මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks