පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම සහ අතිරේක මන්ත්‍රීවරුන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා සමූපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2016 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තා
(vii) 2017 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(viii) 2014 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ix) 2016 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව
(x) සුරාබදු අඥා පනතේ (52 අධිකාරය) 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 01/2019 දරන සුරාබදු නිවේදනය)
(xi) සුරාබදු අඥා පනතේ (52 අධිකාරය) 12, 14 සහ 22 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 02/2019 දරන සුරාබදු නිවේදනය)
(xii) සුරාබදු අඥා පනතේ (52 අධිකාරය) 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 05 දිනැති අංක 2113/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 03/2019 දරන සුරාබදු නිවේදනය)
(xiii) 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 13 වගන්තිය සමඟ කියවිය යුතු 117 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 සැප්තැම්බර් 06 දිනැති අංක 2087/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiv) 2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලකී ජයවර්ධන මහතා
(ii) ගරු කරුණාරත්න පරණවිතාන මහතා
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(iv) ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු මහින්ද රාජපක්ෂ මහතා
අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍රයන් සඳහා සහන පැකේජයක් ලබාදීම
(ii) ගරු අනුර දිසානායක මහතා
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීම පිණිස වූ
“මහජන බැංකු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2019 මැයි 22 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරනු ලදුව අනුමත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 14 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 08 ක් ප්‍රකාශ විය.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පුනරීන්, ජෙයපුරම් ප්‍රදේශයේ ජනතාවට ඉඩම් බෙදාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2019 ජුනි මස 4 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks