බලන්න

E   |     |  

2019 මැයි මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සහ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම
‘B’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘C’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 55(5) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා (2018.07.01 - 2018.09.30) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ කියවිය යුතු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 මැයි 13 දිනැති අංක 2123/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ii)    (40 අධිකාරය) මහජන ආරක්ෂක ආඥාපනතේ 5 වගන්තිය යටතේ සහ 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2019 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝගවල 75(1) නියෝගය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 මැයි 13 දිනැති අංක 2123/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii)    (40 අධිකාරය) මහජන ආරක්ෂක ආඥාපනතේ 5 වගන්තිය යටතේ  ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 මැයි 13 දිනැති අංක 2123/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)    2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනතේ 16 වගන්තිය සමඟ කියවිය යුතු 112 වගන්තිය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 දෙසැම්බර්  31 දිනැති  අංක 2104/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(v)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(vi)    2017 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii)    2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ix)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(x)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(xi)    2017 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව
(xii)    2017 වර්ෂය සඳහා උක් ‍පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii)    2017 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව

(xiv)    2018 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xv)    2018 වර්ෂය සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xvi)    2016 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(xvii)    2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii)    2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම  කාරක සභාවේ සභාපති ගරු සී. බී. රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(ii)    ගරු චමින්ද වි‍ජේසිරි මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

මාතර මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්ද්‍රසිරි ගජදීර මහතාට 2019.03.12 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය  කිරීම පනත ඉවත් කිරීම පිණිස වූ

“ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

(ii)    ජාතික රාජ්‍ය සභා‍වේ 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනත සංශෝධනය කිරීම පිණිස වූ

“ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය

සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2019 මැයි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks