E   |     |  

2019 අප්‍රේල් මස 01 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව

(ii)    2017 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(v)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ (2017.07.01 සිට 2017.09.30 දක්වා) මිල්කො (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ (2017.07.01 සිට 2017.09.30 දක්වා) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ (2017.07.01 සිට 2017.09.30 දක්වා) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු වාසුදේව නානායක්කාර මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - විසිඑක්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය


පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    භාර ආඥා පනත යටතේ නියෝග
(ii)   අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iii)  අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වානේ කර්මාන්තය සඳහා නිසි ආකාරයෙන් බදු අය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1920 ට 2019 අප්‍රේල් මස 2 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks