01

E   |     |  

 දිනය: 2018-10-12   පිළිතුර ලබා දී ඇත 

0403/2018: Hingurana Sugar Factory

403/’18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් කොපමණද;

             (ii)      ඒ සඳහා වැය වන මුළු මුදල කොපමණද;      

           (iii)      සීනි නිෂ්පාදනය කිරීම සඳහා ආරම්භ කරන ලද හිඟුරාන කර්මාන්තශාලාවේ වාර්ෂික සීනි නිෂ්පාදනය කොපමණද;   

(iv) එම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පාරිසරික හානියක් සිදු වන්නේද;

 

 

 

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-12

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks