01

E   |     |  

 දිනය: 2018-09-18   පිළිතුර ලබා දී ඇත 

0401/2018: Fuel Pumps bought by the Fisheries Corporation and the Financial Loss to the State

401/’18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2013, 2014 හෝ ඊට ආසන්න වර්ෂයකදී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉන්ධන පොම්ප (මනු කඩන) තොගයක් මිලදී ගත්තේද;

             (ii)      එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

(iii) එම ඉන්ධන පොම්පවල නිෂ්පාදිත රට, නිෂ්පාදිත වර්ෂය හා වර්ගය කවරේද;

(iv) එක් ඉන්ධන පොම්පයක මිල කොපමණද;

(v) ඒ සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ඉන්ධන පොම්ප වර්ගය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමිති පරීක්ෂණයෙන් අනුමත වූ ඒවාද;

(ii) එම පොම්ප මේ වනවිට භාවිතයේ පවතීද; නැතහොත්, භාවිතයෙන් ඉවත් කර තිබේද;

(iii) භාවිතයෙන් ඉවත්කර තිබේ නම්, එයට හේතුව කවරේද;

(iv) භාවිතයෙන් ඉවත් කර තිබේ නම්, එම පොම්ප මිලදී ගත් නිලධාරින්ට එරෙහිව ගන්නා පියවර කවරේද;

(v) මෙම මිලදී ගැනීම හේතුවෙන් රජයට සිදු වූ මූල්‍ය පාඩුව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-18

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks