01

E   |     |  

 දිනය: 2018-10-12   පිළිතුර ලබා දී ඇත 

0262/2018: Solution to the flood situation in Ratnapura

262/’18

ගරු හේෂා විතානගේ මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කය තුළ නිරන්තරයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවෙන බවත්;

             (ii)      මෙම තත්ත්වය හේතුකොට ගෙන රත්නපුර නගරය විශාල වශයෙන් විනාශයට පත්වන බවත්;

(iii) මේ සඳහා කළු ගඟ ආශ්‍රිත යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර විවිධ හේතූන් නිසා එය මේ වනවිට අතහැර දමා ඇති බවත්;

(iv) මේ සම්බන්ධයෙන් විකල්ප ක්‍රමවේදයක් සඳහා යෝජනා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) රජය විසින් මේ සඳහා ස්ථිර විසඳුමක් යෝජනා කර තිබේ නම්, එම විසඳුම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-12

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks