01

E   |     |  

 දිනය: 2018-09-20   පිළිතුර ලබා දී ඇත 

0061/2018: Budget Proposals 2016 - Drop in Exports

61/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2016 වර්ෂයේ අයවැය යෝජනා මඟින්, වර්ෂ 2000 දී 33.3% ක්ව පැවති ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය, වර්ෂ 2014 දී 14% දක්වා පහත වැටුන බව ඉතා වගකීමෙන් අවධාරණය කොට ඇති බැවින්, වර්ෂ 2000 - 2016 දක්වා එක් එක් වර්ෂය අවසානයේදී වාර්තා වූ,

(i) ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ප්‍රමාණය හා ආදායම;

(ii) ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන ප්‍රමාණය හා වියදම;

(iii) වෙළඳ ශේෂය;

රුපියල්වලින් සහ ඇ.එ.ජ ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (i), (ii) සහ (iii) හි අගයන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් කවරේද;

(ii) වර්ෂ 2000 සිට 2017 දක්වා ගෝලීය අපනයන වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks