01

E   |     |  

 දිනය: 2018-08-23   පිළිතුර ලබා දී ඇත 

0056/2018: Proposals 207- Budget 2016

56/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැය යෝජනා අංක 207 හි “පසුගිය රජය යටතේ නොමනා අනුග්‍රහ ලබමින්, අධික ලාභ ඉපයූ සමාගම් සඳහා අපි සුපිරි වාසි බද්ද පැනවූයෙමු” යනුවෙන් සඳහන් බැවින්; එලෙස නොමනා අනුග්‍රහ ලබමින් අධික ලාභ උපයා, සුපිරි වාසි බද්ද ගෙවූ සමාගම්වල නාමලේඛනයක් සහ ඒ ඒ සමාගම් විසින් ගෙවන ලද බදු ප්‍රමාණය කොපමණද;

(ii) සුපිරි වාසි බද්ද ගෙවූ සමාගම්, වර්තමාන රජය යටතේ, රජයේ ව්‍යාපෘති සඳහා දායකත්වයක් සපයනු ලබන්නේද;

(iii) එම සමාගම් විසින් සුපිරි වාසි බද්ද ගෙවීමෙන් පසු, ඇරඹූ නව ආයෝජන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මඟින් විශේෂිත අනුග්‍රහයන් ලබාදී තිබේද;

 

(iv) සුපිරි වාසි බද්ද ගෙවූ සමාගම් අතරින්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ප්‍රශ්න කළ සමාගම් කවරේද;

(v) මූල්‍ය අපරාධ පරීක්ෂණ අනුව, සුපිරි වාසි බදු ගෙවූ සහ එයට අතිරේකව වෙනත් දඩයක් ගෙවූ සමාගම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks