01

E   |     |  

 දිනය: 2018-03-23   පිළිතුර ලබා දී ඇත 

2340/2018: Chairman of the director board of Fertilizer Corporation

2340/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      සීමාසහිත ලංකා පොහොර සමාගමේ වර්තමාන සභාපතිවරයාගේ නම කවරේද;

            (ii)      එම තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

           (iii)      වර්තමාන සභාපතිවරයා විසින්, එම තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව, වෙනත් වෘත්තීය සුදුසුකම් සපුරා තිබේද;

(iv) එසේ නම්, ඒ කවරේද;

(v) සීමාසහිත ලංකා පොහොර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

(vi) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(vii) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන වැටුප් සහ දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-23

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks