01

E   |     |  

 දිනය: 2018-02-20   පිළිතුර ලබා දී ඇත 

2282/2018: Statement of Minister of Finance on 22 June 2017 regarding use of hooch in the country

2282/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්ද;

             (ii)       මධ්‍යසාර භාවිතා කරන පුද්ගලයන්ගෙන් 61% ක ප්‍රමාණයක් කසිප්පු පාවිච්චි කරන බවට 2017 ජූනි මස 22 වැනි දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සත්‍යයක්ද;

(iii) එසේ නම්, ඊට බලපා ඇති හේතු කවරේද;

(iv) නොඑසේ නම්, මෙම ප්‍රකාශයට ‍එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-02-20

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks