01

E   |     |  

 දිනය: 2018-03-20   පිළිතුර ලබා දී ඇත 

2223/2018: The Difficulties found by the people who come to the get services at Nanattaan Divisional Secretariat Mannar

2223/’17

ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මන්නාරම දිස්ත්‍රික්කයේ, නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැරණි ගොඩනැගිල්ලක ක්‍රියාත්මකවීම හේතුවෙන්, සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම, එහි සේවය කරන නිලධාරීන්ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත්;

(ii) නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ම’විසින් යොමු කරන ලද 2017.07.06 දිනැති ලිපිය පිළිබඳවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉදිරියේදී නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-20

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks