01

E   |     |  

 දිනය: 2017-12-06   පිළිතුර ලබා දී ඇත 

2169/2017: Compensation to those affected by the construction of Uma Oya

2169/’17

ගරු විජිත හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       උමා ඔය ව්‍යාපෘතිය සඳහා අත්කර ගත් නිවාස, ‍ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට සිටින පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව කොපමණද;

(ii) දේපළ අත්කරගෙන ඇතත්, 2014 ඔක්තෝබර් සිට මේ දක්වා වන්දි නොගෙවූ පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව කොපමණද;

(iii) මේ දක්වා වන්දි නොගෙවීමට හේතු කවරේද;

(iv) වන්දි මුදල් අධිකරණයේ තැන්පත් කරනු ලබන පදනම කවරේද;

(v) වන්දි මුදල් අධිකරණයේ තැන්පත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ගන්නේද;

(vi) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;

(vii) නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමේ පදනම කවරේද;

(viii) මේ දක්වා වන්දි නොලැබ අගතියට පත්වූවන්ට කඩිනමින් වන්දි ගෙවීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-06

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks