01

E   |     |  

 දිනය: 2018-01-24   පිළිතුර ලබා දී ඇත 

2146/2018: Domestic egg production Wayamba Province

2146/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2010 වර්ෂයේ සිට මේ දක්වා ලංකාවේ බිත්තර පරිභෝජනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)       එම අවශ්‍යතාවය සපුරා ගන්නා ආකාරය කවරේද;

           (iii)       ලංකාවේ දේශීය බිත්තර නිෂ්පාදනය එක් එක්  දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් බිත්තර නිෂ්පාදනයේ නිරත වී සිටින ‍බැවින්, ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-01-24

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks