01

E   |     |  

 දිනය: 2018-01-24   පිළිතුර ලබා දී ඇත 

2123/2018: houses damaged by earth slips Kalutara District

2123/’17

ගරු ජයන්ත සමරවීර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017.05.27 දින ඇතිවූ ගංවතුර හා නායයෑමේ ආපදා තත්ත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ, අර්ධ හා සුළු වශයෙන් හානි වූ නිවාස, වැසිකිලි සහ පානීය ළිං සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම සංඛ්‍යාව, එක් එක්  ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii) එසේ පූර්ණ හානි වූ නිවසක්, වැසිකිලියක් හා ළිඳක් නැවත ඉදිකිරීමට සහ අර්ධ හා සුළු හානි වූ නිවාස, වැසිකිලි හා පානීය ළිං ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් ලබාදෙනු ලබන්නේ, ආධාර මුදලක්ද නැතහොත් ණය මුදලක්ද යන්නත් එම ආධාර හෝ ණය මුදල කොපමණද;

(iv) මේ වනවිට ආධාර හෝ ණය ලබා දී තිබෙන පූර්ණ, අර්ධ හා සුළු වශයෙන් හානි වූ නිවාස වැසිකිලි හා පානීය ළිං සංඛ්‍යාව කොපමණද;

(v) එසේ ආධාර හෝ ණය ලබා දී ඇති පවුල්වල නම, ලිපිනය, ග්‍රාම නිලධාරි වසම හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-01-24

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks