01

E   |     |  

 දිනය: 2018-04-04   පිළිතුර ලබා දී ඇත 

2116/2018: Rehabilitation of agricultural tanks in Oddusuttan

2116/’17

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ, ඔඩ්ඩිසුට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාමසේවා වසම් 27කට අයත් ගම්මාන 114ක කුඩා කෘෂිකාර්මික වැව් 45ක් පමණ තිබෙන බවත්;

            (ii)       ඉහත වැව් අවුරුදු ගණනාවක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති බැවින් යල කන්නයේදී වී ගොවීන් හා අනිකුත් ගොවීන්ට අදාළ කාලය තුළ වගා කටයුතුවල යෙදීමට නොහැකි වීමෙන් ඔවුන් බොහෝ පීඩාවට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් වැව්වලට ප්‍රමුඛත්වය ලබා දී, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට  අමාත්‍යාංශය සතුව කිසියම් වැඩපිළිවෙළක් තිබේද;

(ii) එසේ නම්, මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-04

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks