පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1877/’17
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ ‘ගඟේ වාඩිය’ නමින් ගමක් තිබෙන බව දන්නේද;
(ii) එසේ නම්, එම ගමේ ජීවත් වන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ගම්මානයේ ජීවත්වන ධීවර ජනතාව, මාළු අස්වැන්න අඩුවීම නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දන්නේද;
(iv) එසේ නම්, එම ගම්මානයේ ජනතාවට කිසියම් සහනයක් ලබාදීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) එම ගමේ ජීවත් වන ධීවර පවුල් සංඛ්‍යාව 66කි.
(iii) ඔව්. (ඇමුණුමෙහි* දක්වා ඇත.)
(iv) එම ගම්මානයේ ධීවර ජනතාවට සහන සැලසීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.
වයඹ පළාත් සභා ධීවර විෂයභාර අමාත්‍ය ගරු සුමල් තිසේරා මැතිතුමා හා ගඟේ වාඩිය ශාන්ත සෙබස්තියන් සමිතිය විසින් කළ ඉල්ලීම සලකා මෝය ප්‍රතිසංස්කරණය කිරීමට (මෝය කටවල්වල වැලි ඉවත් කිරීම සම්බන්ධව) මා විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇත. මෙම වැලි ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය විසින් ජලජ මිනුම් වාර්තාව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශය 25.10.2017 දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද වහාම වැලි ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය. එම කටයුත්ත ඉහළ ප්‍රමුඛතාව ලබා දිය යුතු කාර්යයක් ලෙස හඳුනාගෙන කටයුතු කෙරෙමින් පවතී.
(ආ) පැන නොනඟී.
*ඇමුණුම:
*இணைப்பு:
*Annex:
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් එළුවන්කුලම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි "ගඟේ වාඩිය" ගම්මානයේ ජීවත් වන ජනගහනය 184ක් පමණ වේ. එම ගම්මානයේ ජීවත් වන ධීවර ජනතාව, මාළු අස්වැන්න අඩුවීම නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටී.
"ගඟේ වාඩිය" තොටුපළේ ධීවර රැකියාවට යොදා ගනු ලබන ධීවර යාත්‍රා විස්තර පහත සඳහන් වේ.
පිටත එන්ජිම සහිත යාත්‍රා - 18
යාන්ත්‍රික නොවන තෙප්පම් - 44
යාන්ත්‍රික නොවන ඔරු - 18
2016 ජුනි මාසයේ සිට මේ වන තුරු වර්ෂාව වැඩිවන කාලවලදී කලා ඔයේ වැලි ගංගාව හරහා මුහුදට විත් මොය කට 03ක් මේ වන විට වැසී පවතී.
1. ගඟේ කට
2. තම්මැන්නා කට
3. සිප්පි කට
වැලි ගසාගෙන විත් මඩ තට්ටුවට උඩින් තැන්පත් වීම නිසා කි.මී. 11/2ක් පමණ දුරට වැලි කඳු නිර්මාණය වී තිබේ. මේ නිසා ධීවරයින් හට ධීවර රැකියාව කිරීම දුෂ්කර වී ඇති බැවින්, ධීවරයින් කුලී වැඩවලට යොමු වී ඇත.
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks