01

E   |     |  

 දිනය: 2017-12-09   පිළිතුර ලබා දී ඇත 

1872/2017: Building the walking track and cleaning the tank - Katubedda

1872/’17

ගරු බිමල් රත්නායක මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කටුබැද්ද, බණ්ඩාරනායක මාවතේ දකුණු පස පිහිටි ජලාශය වටා ඇවිදින මංතීරුවක් ඉදිකරමින් තිබියදී එහි වැඩ අතරමග නවතා දැමූ බවත්;

            (ii)       නැවත මං තීරුවේ වැඩ අරඹා විශාල වැඩ කොටසක් නිමකර තිබියදී, එහි කොන්ත්‍රාත්කරු විසින් වැඩ නවතා 2016.09.12 දින යන්ත්‍රසූත්‍ර ද ඉවත් කරගෙන යෑමෙන් යළිත් එහි වැඩ ඇණ හිට ඇති බවත්;

(iii) මේ වනවිට එම ජලාශයට සහ ඒ අවට ප්‍රදේශයට කුණු බැහැර කිරීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවී මදුරු ගහනයද විශාල වශයෙන් වැඩි වී ඇති බවත්;

(iv) මංතීරුව ඉදිකිරීම නවතා දැමීම හේතුවෙන් පවිත්‍ර කළ ජලාශය හා ඇළ මාර්ගය මේ වනවිට මුළුමනින්ම වල්බිහිවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම මංතීරුව ඉදිකිරීමට සහ අධිකව අපවිත්‍ර වී ඇති ජලාශය පවිත්‍ර කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එහි වැඩ යළි ආරම්භ කරනු ලබන දිනය කවරේද;

(iii) මෙතෙක් සිදුකළ කටයුතු වෙනුවෙන් දැරූ වියදම වගකිවයුත්තන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-09

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks