පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1857/’17
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මහානගර සැලසුම (Megapolis Plan) යටතේ 2017 වසරේ සිට ඉදිරි වසර 03 ක් දක්වා දෙහිවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් කවරේද;
(ii) දැනටමත් යම් වැඩසටහන් ආරම්භ කර ඇත්නම්, ඒවා කවරේද;
(iii) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් නිශ්චිත වශයෙන් පටන් ගන්නා දින වකවානු කවරේද;
(iv) මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සිදු කරන්නේද;
(v) එසේ නම්, එම ආයෝජන වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනටමත් ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
(ii) දැනට වැය කර ඇති මුදල කොපමණද;
(iii) මේ සඳහා ණය මුදල් ලබා ගන්නේද;
(iv) එසේ නම්, ණය ලබා ගන්නා ආයතන සහ ණය ප්‍රමාණයන් කොපමණද;
(v) නොඑසේ නම්, රජය විසින් වෙන් කර ඇති මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-15
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බස්නාහිර මහානගර සැලසුම (Megapolis Plan) අප අමාත්‍යාංශය විසින් 2016 ජනවාරි මස අවසන් කරන ලදී. නමුත්, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල අධිකාරිය (Megapolis Authority) හෝ ඒ සම්බන්ධයෙන් වන රාජ්‍ය ආයෝජන සිදු වී නොමැත. ඒ නිසා අප විසින් ව්‍යාපෘති කාර්යාල 07 පවත්වාගෙන යන අතර විවිධ ආයතන හා අමාත්‍යාංශ හරහා එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය - ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය
වෙරළ හා ඇළ මාර්ග දෛනිකව පිරිසිදු කිරීම - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
කසළ කළමනාකරණ අධීක්ෂණය - ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
දෙහිවල පොදු වෙළෙඳපොළ සංවර්ධනය (යෝජනා වී ඇත.) - නාගරික සංවර්ධන අධිකාරිය
(ii) බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර ඇත.
වෙරළ හා ඇළ මාර්ග දෛනිකව පිරිසිදු කිරීම.
කසළ කළමනාකරණ අධීක්ෂණය.
(iii) අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට අපේක්ෂිතව තිබූ ව්‍යාපෘති 04 අතුරින් 03ක්ම මේ වන විට ආරම්භ කර ඇත. දැනට ආරම්භ කර නොමැති දෙහිවල පොදු වෙළෙඳපොළ සංවර්ධනය කිරීම යෝජනා වී ඇති ව්‍යාපෘතියකි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගෙන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.
(iv) ඔව්.
(v) රාජ්‍ය ආයෝජන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
(ආ) (i) බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය - රු.මි. 06
(ii) බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය - රු.මි. 06
(iii) නැත.
(iv) අදාළ නොවේ.
(v) බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය - රු.මි. 06
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks