01

E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1855/2017: මහානගර සැලසුම යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් : කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

1855/’17

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන  මහානගර සැලසුම (Megapolis Plan) යටතේ 2017 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 03 ක් දක්වා කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් කවරේද;

(ii) දැනටමත් යම් වැඩසටහන් ආරම්භ කර ඇත්නම්, ඒවා කවරේද;

(iii) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් නිශ්චිත වශයෙන් පටන් ගන්නා දින වකවානු කවරේද;

(iv) මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සිදු කරන්නේද;

(v) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දැනටමත් ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන                 වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

(ii) දැනට වැය කර ඇති මුදල කොපමණද;

(iii) මේ සඳහා ණය මුදල් ලබා ගන්නේද;

(iv) එසේ නම්, ණය ලබා ගන්නා ආයතන සහ ණය ප්‍රමාණය කොපමණද;

(v) නොඑසේ නම්, රජය විසින් වෙන් කර ඇති මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை : 

* Answer tabled:

 (අ)           (i)       මහානගර සැලසුම නිම කර ඇත. නමුත් එය ක්‍රියාත්මක කරලීම සඳහා මහානගර අධිකාරිය නීතිමය ලෙස ස්ථාපිත කර නැත. එහෙයින් ඒ සඳහා භාණ්ඩාගාර අරමුදල් වෙන් කර නැත. නමුත් වෙනත් ආයතන හරහා එකී සැලසුම ක්‍රියාත්මක කෙරේ.

 

ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති

 

අනු අංකය 

              ව්‍යාපෘතිය 

ක්‍රියාත්මක කරනු ලබන ආයතනය 

 01 

අතුරුගිරිය තෙත්බිම් සංවර්ධන ව්‍යාපෘතිය 

නාගරික සංවර්ධන අධිකාරිය 

 02 

මාලබේ - කඩුවෙල සැහැල්ලු දුම්රිය ප්‍රවාහන පද්ධතිය 

ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය 

 03 

බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ බහුවිධ ප්‍රවාහන අංගණයක් සහිත මිශ්‍ර සංවර්ධන ගොඩනැගිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය 

පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය 

 04 

පොල්දූව පාර හා බත්තරමුල්ල ප්‍රධාන මාර්ග සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය

පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

 05

පාර්ලිමේන්තු කටයුතු සඳහා යෝජිත පරිශ්‍රය නිර්මාණය කිරීම (ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය)

පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

 06

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ රජයේ කාර්යාල සහ ඊට අදාළ සේවාවන් ස්ථාපිත කිරීම

පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

 07

පරිපාලන නගර සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

 08

බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ සෙත්සිරිපාය අදියර III ඉදි කිරීම

පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය

වැඩිමනත් වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

 

 

අනු අංකය

ව්‍යාපෘතිය

                        නාගරික සංවර්ධන අධිකාරිය යටතේ

 01

චන්ද්‍රිකා කුමාරතුංග මාවත ගොඩගම මාර්ගය දක්වා දිගු කිරීමේ ව්‍යාපෘතිය

 02

මාලබේ පොළ ප්‍රතිස්ථාපන ගත කිරීමේ ව්‍යාපෘතිය

 03

කඩුවෙල සතිපොළ සංවර්ධනය අදියර II

 04

පොල්දූව විකල්ප මාර්ග සංවර්ධනය අදියර II

 

 

 

 

 

 

 

 

 

 

 

 

              (ii)       ප්‍රශ්න අංක (අ) (i) යටතේ වූ අංක 02,03,04,06,07 හා 08 දැනටමත් ආරම්භ කර ඇත. විවිධ ක්ෂේත්‍රවල, වැඩිදුරටත්

 

 

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ

අනු අංකය

                  ව්‍යාපෘතිය

ක්‍රියාත්මක වන වර්ෂය

 01

කඩුවෙල සතිපොළ සංවර්ධනය අදියර II

 2017

 02

පොල්දූව විකල්ප මාර්ග සංවර්ධනය අදියර II

 2017

 

 

 

 

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ

අනු අංකය

                   ව්‍යාපෘතිය

ක්‍රියාත

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks