01

E   |     |  

 දිනය: 2017-11-16   පිළිතුර ලබා දී ඇත 

1805/2017: Removing M2 and M4 engines

1805/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය එන්ජින්වලින් දැනට භාවිතයට ගතහැකි එන්ජින් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම එන්ජින් වර්ග කවරේද;

           යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දැනට ලෝකයේ බොහෝ රටවල M2 හා M4 වර්ගයේ එන්ජින් දිගුකාලයක් තිස්සේ ධාවනය වන බවත්;

(ii) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එම වර්ගයේ එන්ජින් 27ක්  භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇති බවත්;

(iii) එම එන්ජින්වල අමතර කොටස් ගෙන්වීම නැවැත්වීම සඳහා රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) තව වසර ගණනාවක් සේවයේ යෙදවිය හැකි මෙම දුම්රිය එන්ජින් ගර්හිත කර විනාශ කිරීමේ අරමුණ කවරේද;

(ii) මෙයට පෙර දුම්රිය කාර්ය මණ්ඩලයේ විරෝධය නොතකා, ප්‍රංශයෙන් ගෙන්වන ලද M9 වර්ගයේ දුම්රිය එන්ජින් 09න් මේ වනවිට භාවිතයට ගත හැක්කේ එන්ජින් 03ක් බව දන්නේද;

 

(iii) එබැවින් මෙම M2 හා M4 වර්ගයේ එන්ජින් භාවිතයෙන් ඉවත් කිරීම නැවැත්වීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-16

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks