01

E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1797/2017: ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කළ පොලිස් උපසේවා නිලධාරින්: සේවා වරප්‍රසාද

1797/’17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1996 වර්ෂයේදී පොලිස් උපසේවයට බඳවාගත් නිලධාරින්, 2006 වර්ෂයේදී පසුගිය රජය මඟින් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබුවේද;

            (ii)       එසේ නම්, ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කළ නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) එසේ ස්ථිර සේවයට අනුයුක්ත කළ නිලධාරින්ට 1996 වර්ෂය සිට නියමිත පරිදි සේවා වරප්‍රසාද හිමිවන්නේද;

(iv) නොඑසේ නම්, එම නිලධාරින් සේවයට බඳවාගත් දිනයත්, ස්ථිර සේවයට අනුයුක්ත කළ දිනයත් අතර වර්ෂ 10ක කාලය නොසලකා හැරීමෙන් එම නිලධාරින්ට බලවත් අසාධාරණයක් වන බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඔව්.

              (ii)      25615.

              (iii)      එම නිලධාරින් හට 1996 වර්ෂයේ සිට 2006 වර්ෂය තෙක් උපසේවා නිලධාරියෙකුට හිමි වරප්‍රසාද හිමි අතර, 2006 වර්ෂයේදී නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ පසු නිල තත්ත්වය අනුව නිත්‍ය සේවයේ සමාන නිලධරයෙකුට හිමි වරප්‍රසාද හිමිවේ.

              (iv)      නැත. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SC(FR)599/2003 දරන නඩුවේ තීන්දුව, ආයතන සංග්‍රහයේ I වන කාණ්ඩයේ, IV වන පරිච්ඡේදයේ 05:10 වගන්තිය 2009.02.20 වන දිනැති අංක 1589/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත කාර්ය පටිපාටික රීතීන්හි රීති අංක 140 අනුව උපසේවා නිලධාරින් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ පසු උසස්වීම් ලබා දීමේදී ඔවුන්ගේ උපසේවා සේවා කාලය ගණනය කිරීම නීත්‍යනුකූල නොවන බැවින් හා එසේ ගණනය කළහොත් නිත්‍ය සේවයට ඉඳුරාම බැඳුණු නිලධාරින්ට ඉන් බලවත් අසාධාරණයක් වන බැවිනි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks