01

E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1732/2017: Muslims schools North and Eastern provinces

1732/’17

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       උතුරු හා නැගෙනහිර පළාත් තුළ පිහිටි එක් එක් අධ්‍යාපන කලාපයට අයත් මුස්ලිම් පාසල් සංඛ්‍යාව කවරේද;

             (ii)       ඉස්ලාම්, ඉස්ලාම් අධ්‍යයනය සහ අරාබි ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය සිදු කරන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ (ඉස්ලාම්) නම් කවරේද;

(iii) සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (ඉස්ලාම්) නොමැති අධ්‍යාපන කලාපවල නම් කවරේද;

(iv) මෙම කලාපවල ඉහත කී විෂයයන් ඉගැන්වීම අධීක්ෂණය කිරීමේ කාර්යය පවරනු ලැබ ඇති අධීක්ෂකවරුන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (විශේෂ කාණ්ඩය - ඉස්ලාම්) සඳහා පුරප්පාඩු දෙකක් පමණක් ගැසට් නිවේදනය තුළ පළ කරන ලද බවත්;

(ii) විෂයමාලාව තුළ ආගමික අධ්‍යාපනය අනිවාර්ය බවත්;

(iii) ඉස්ලාම් ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය නොකිරීම, මුස්ලිම් ශිෂ්‍යයන්ගේ ආගමික අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි (විශේෂ කාණ්ඩය - ඉස්ලාම්) සේවක සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගනු ලබන්නේද;

(ii) නොඑසේ නම්, වැඩබලන පදනම මත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (ඉස්ලාම්) පත් කිරීමට පියවර ගනු ලබන්නේද;

 

 

(iii) එසේ නම්, එය සිදු කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks