01

E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1726/2017: විදේශීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය : බදු ආදායම

1726/’17

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       විදේශීය චිත්‍රපට සඳහා පැනවූ බද්දෙන් 2015 සහ 2016 වර්ෂවලදී උපයාගත් ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       විදේශීය ටෙලිනාට්‍ය සඳහා පැනවූ බද්දෙන් 2015 සහ 2016 වර්ෂවලදී උපයාගත් ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ලාංකික අධ්‍යක්ෂවරයෙකු විසින් විදේශයකදී නිපදවා මෙරටට ගෙන්වනු ලබන චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය සඳහාත් බදු අයකරනු ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

වර්ෂය

බදු ආදායම (රුපියල් මිලියන)

2015

51.2

2016

36.5

         (ii)      විදේශීය ටෙලි නාට්‍ය සඳහා බදු අය කිරීමෙන් 2015 සහ 2016 වර්ෂවලදී උපයාගෙන ඇති ආදායම

 

වර්ෂය

බදු ආදායම (රුපියල් මිලියන)

2015

89.4

2016

124.1

             (iii)      ලාංකික අධ්‍යක්ෂකවරයෙකු විසින් විදේශයකදී නිපදවනු ලබන චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිත හා නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ බහුතරය ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් සමන්විත වන්නේ නම් එම චිත්‍රපටය හෝ ටෙලි නාට්‍යය බද්දෙන් නිදහස් වේ. මෙහිදී, ප්‍රධාන චරිත යන්නෙන් ප්‍රධාන නළුවා, ප්‍රධාන නිළිය, සහාය නළුවා සහ සහාය නිළිය ඇතුළුව වෙනත් ප්‍රධාන චරිත රඟපාන නළු නිළියන් අදහස් වේ.

නිෂ්පාදන කාර්ය මණ්ඩලය යන්නෙන් යම් ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක අධ්‍යක්ෂ, සහාය අධ්‍යක්ෂ, සංගීත අධ්‍යක්ෂ, ප්‍රධාන කැමරා ශිල්පී, තිර රචක, ප්‍රධාන සංස්කාරක, ප්‍රධාන පසුබිම් ගායක සහ ප්‍රධාන පසුබිම් ගායිකාව ඇතුළුව නිෂ්පාදන කාර්ය මණ්ඩලයෙන් අඩකට වඩා යන්න අදහස් වේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks