01

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1686/2017: මඩකළපුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල්: ගුරු පුරප්පාඩු

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ)         (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම ජාතික පාසල්වල නම් කවරේද;

             (ii)      එම එක් එක් ජාතික පාසලෙහි සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (iii)      ගුරු වර්ගය අනුව එම එක් එක් ජාතික පාසලෙහි සිටින ගුරුවරු සංඛ්‍යාව කවරේද;

(iv) විෂයයන් අනුව එම එක් එක් ජාතික පාසලට අනුමත කර ඇති ගුරුවරු සංඛ්‍යාව කවරේද;

(v) ගුරු වර්ගය අනුව එම එක් එක් ජාතික පාසලෙහි තිබෙන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කවරේද;

(vi) එම එක් එක් ජාතික පාසලෙහි ගුරු පුරප්පාඩු තිබෙන විෂයයන් කවරේද; 

(vii) තාක්ෂණ විද්‍යාගාර සහ භාෂා විද්‍යාගාර වැනි පහසුකම් සපයා දී ඇති ජාතික පාසල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

(ii) ඉහත කී පුරප්පාඩු පුරවනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඇමුණුම 01 බලන්න.

              (ii)      ඇමුණුම 02 බලන්න.

             (iii)      ඇමුණුම 03 බලන්න.

             (iv)      ඇමුණුම 04 බලන්න.

              (v)      ඇමුණුම 05 බලන්න.

             (vi)      ඇමුණුම 05 බලන්න.

                        ඇමුණුම්* බලන්න.

             (vii)      1.  ඔඩ්ඩමාවඩි මධ්‍ය විද්‍යාලය

                        2.  වාලච්චේනයි නූර් මහා විද්‍යාලය

3.  කාට්ටන්කුඩි මධ්‍ය විද්‍යාලය

(ආ) (i) ජාතික පාසල්වල පවතින අ.පො.ස. (උසස් පෙළ) සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලං.ගු.සේ 3 - I (අ) ශ්‍රේණියට උපාධිධාරින් 1,093ක් බඳවා ගැනීමට 2017.10.20 දිනැතිව ගැසට් නිවේදනය මඟින් අයදුම්පත් කැඳවන ලද අතර, 2017.04.08 දින තරග විභාගය පවත්වන ලදී.

විභාග ප්‍රතිඵල ලැබුණු වහාම 2017 වර්ෂයේදී මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.  මෙම බඳවා ගැනීම්වලින් මඩකළපු දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා දෙමළ මාධ්‍ය ගුරුවරුන් පත් කරනු ලැබේ.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 3,780ක් අවසාන විභාගය සඳහා පෙනී සිට 2016.06.30 දින සිට සීමාවාසික පුහුණුව සඳහා පිටව ගොස් ඇත.

එහි ප්‍රතිඵල නිකුත් වූ වහාම ශ්‍රී ලං.ගු.සේ 3 - I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

මෙම බඳවා ගැනීම් සිදු කිරීමේදී ද මඩකළපු දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සඳහා දෙමළ මාධ්‍ය ගුරුවරුන් පත් කරනු ලැබේ.

(ii) 2017 දෙසැම්බර් මාසයට පෙර එම පුරප්පාඩු පිරවීමට අපේක්ෂා කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks