01

E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

1666/2018: Minor staff recruited to hospitals administered by Uva PC

1666/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ඌව පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම රෝහල්වල නම් හා ලිපිනයන් කවරේද;

           (iii)      වත්මන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා ලබාදී ඇති රෝහල් සුළු සේවක රැකියා සංඛ්‍යාව කොපමණද;

(iv) එසේ රැකියා ලබාදුන් අයගේ නම්, ලිපිනයන් හා රැකියා ලබාදුන් රෝහල් කවරේද;

(v) එම රැකියා ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks