පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1650/’17
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගියදා පැවැත්වූ විදුහල්පති සේවයේ III වැනි පංතියට බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වූ පිරිස අතරින් විදේශ පුහුණුව සඳහා තෝරාගත් සංඛ්‍යාව කොපමණද;
(ii) විදේශ පුහුණුව සඳහා බඳවා ගත් අයගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) විදේශ පුහුණුව සඳහා තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
(iv) විශාල වියදමක් දරා විභාග පවත්වා, පුහුණුවක් ලබාදුන් මෙම පිරිස මෙතෙක් විධිමත් ලෙස පළාත් සභා මඟින් ස්ථානගත කර නොමැති බව දන්නේද;
(v) මෙම ගැටලුව විසඳීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-29
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 278කි. ඇමුණුම 01 බලන්න.
(ii) ඇමුණුම 02 බලන්න.
(iii) 2016 වසරේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගත් විදුහල්පතිවරුන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පැවැත්වූ දිශාභිමුඛ කිරීමේ පාඨමාලාව අවසානයේ පැවැත්වූ විභාගයේ ලකුණු හා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ලබාදුන් ලකුණු අනුව විදේශ චාරිකාව සඳහා තෝරා ගන්නා ලදී.
සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලබාදීමේ පිළිවෙළ
ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පැවැත්වූ දිශාභිමුඛ කිරීමේ පාඨමාලාව අවසානයේ සිදු කළ පරීක්ෂණයෙන් අපේක්ෂකයා ලබාගත් අවසාන ලකුණ වෙනුවෙන් මුළු ලකුණු සංඛ්‍යාවෙන් සියයට 60ක්ද,
අපේක්ෂකයන් පාඨමාලාවට පැමිණීමේ දින ගණන අනුව මුළු ලකුණු සංඛ්‍යාවෙන් සියයට 20ක්ද,
අපේක්ෂකයන් විසින් විදේශ අත්දැකීම් අනාගත වෘත්තියට යොදා ගැනීම පිළිබඳ යෝජනා ඇතුළත් ලේඛන සඳහා සියයට 20ක්ද ලබා දෙන ලදී. ඇමුණුම 03හි වැඩිදුරටත් විස්තර වේ. ඇමුණුම් සභාගත* කරමි.
(iv) 2016.05.09 දිනැතිව පත්වීම් ලද සියලුම නිලධාරින් අංක අමප/16/1813/742/025 - 1 හා 2016.09.27 හා 2016.10.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව විදුහල්පති සේවයේ පුරප්පාඩු සහිත පළාත් සභා පාසල්වල විදුහල්පතිවරුන් ලෙසටම ස්ථානගත කිරීම සඳහා පළාත් සභාව වෙත මුදා හැර ඇත.
(v) ඔව්.
දිගින් දිගටම මේ පිළිබඳව පළාත් සභා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2018-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks