01

E   |     |  

 දිනය: 2017-11-27   පිළිතුර ලබා දී ඇත 

1648/2017: Vocational Training University Ratmalana

1648/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රත්මලාන වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයේ දැනට ක්‍රියාත්මක වන පීඨ සහ දෙපාර්තමේන්තු කවරේද;

            (ii)      එම එක් එක් පීඨය මඟින් පවත්වනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලා වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) දැනට මෙහි සේවයේ නියුතු අධ්‍යයන හා අනධ්‍යයන සේවක සංඛ්‍යාව, එක් එක් දෙපාර්තමේන්තුව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මෙම විශ්වවිද්‍යාලයේ පවතින සේවක පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-27

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks