01

E   |     |  

 දිනය: 2017-11-17   පිළිතුර ලබා දී ඇත 

1645/2017: Contractors registered under the Uva Provincial Council

1645/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඌව පළාත් සභාව යටතේ ලියාපදිංචි වී සිටින කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

           (iii)       ඌව පළාත් සභාවේ වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් පසු මේ දක්වා කොන්ත්‍රාත් ලබාදී ඇති කොන්ත්‍රාත්කරුවන්ගේ නම් හා ඔවුනට ලබාදුන් කොන්ත්‍රාත් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම එක් එක් කොන්ත්‍රාත්තුව වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට පළාත් සභාව මඟින් ගෙවා ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේදී පළාත් සභාව අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-17

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks