01

E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1638/2017: Lack of a separate module in CEB to handle development of renewable energy

1638/’17

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යුහය තුළ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම සඳහා විශේෂයෙන් වගකීම් පැවරූ අංශයක් නොමැති බව දන්නේද;

            (ii)      පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම සඳහා වෙන් වූ විශේෂිත අංශයක් නොමැතිව පුනර්ජනනීය බලශක්ති උපරිම ලෙස ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමේදී මතුවිය හැකි තාක්ෂණික අභියෝග ජය ගත හැකිද;

(iii) පුනර්ජනනීය බලශක්ති පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය දක්වන පසුගාමී ආකල්පයට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks