01

E   |     |  

 දිනය: 2017-10-04   පිළිතුර ලබා දී ඇත 

1624/2017: Encroachment of Gem Industry by a few large scale prospectors

1624/’17

ගරු හේෂාන් විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ජාතික ආදායමට විශාල ශක්තියක් වන මැණික් කර්මාන්තය ප්‍රධාන වශයෙන් සිදු කරන රත්නපුර දිස්ත්‍රික්කයේ පාරම්පරික මැණික් පතල්කරුවන්ට අද එම කර්මාන්තය අහිමි වී යන බවත්,

(ii) මෙම කර්මාන්තය තුළ මහා පරිමාණයෙන් නියැලි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අතර සම්ප්‍රදායික පතල් කර්මාන්තකරුවා කුලීකරුවෙකු වී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවත්;

  එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) මේ වනවිට බැකෝ යන්ත්‍ර යොදාගෙන කැනීම් කිරීමට මහා පරිමාණ පතල් කර්මාන්තය සඳහා බලපත්‍ර නිකුත් කර තිබේද;

(ii) එසේ නම්, බලපත්‍රලාභීන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) පාරම්පරික පතල් කර්මාන්තය සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගැනීමෙන් සාම්ප්‍රදායික පතල්කරුවාට අසාධාරණයක් මෙන්ම, විශාල පාරිසරික හානියක්ද සිදුවන බව පිළිගන්නේද;

(iv) මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-04

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks