01

E   |     |  

 දිනය: 2017-09-06   පිළිතුර ලබා දී ඇත 

1622/2017: Sugar cane cultivation of Sevanagala Sugar Factory

ගරු හේෂාන් විතානගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      ශ්‍රී ලංකාවේ සීනි අවශ්‍යතාවය සපුරාලීමේදී සෙවනගල සීනි කර්මාන්තශාලාව  ඉතා වැදගත් වන බවත්;

            (ii)      එමඟින් විශාල වක්‍ර හා සෘජු රැකියා අවස්ථා සංඛ්‍යාවක් බිහිවී ඇති බවත්;

           (iii)      දැනට මෙම කර්මාන්තශාලාව ආශ්‍රිතව ලබා දී ඇති ඉඩම්වල ගොවීන් උක් වගා නොකර වෙනත් වගාවන් සඳහා යොමු වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) සෙවනගල සීනි කර්මාන්තශාලාව ආශ්‍රිතව උක් වගාව සඳහා ගොවීන් වෙත වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

(ii) දැනට උක් වගාව සිදු කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

(iii) දිනෙන් දින උක් ගොවියා වෙනත් වගාවන් සඳහා යොමු වීමෙන් එම කර්මාන්තශාලාවෙන් අපේක්ෂිත නිෂ්පාදනය ලබා ගැනීමට නොහැකි විය හැකි බව පිළිගන්නේද;

(iv) එසේ නම්, මෙම කර්මාන්තශාලාවෙන් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks