01

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1592/2017: පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන බල ප්‍රදේශ: පොහොර සහනාධාර

1592/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශ සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම බලප්‍රදේශ පිහිටි මධ්‍යස්ථානවල නම් කවරේද;

           (iii)      එම එක් එක් බලප්‍රදේශයෙන් පොහොර සහනාධාරය සඳහා ඉල්ලුම් කර ඇති ගොවීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ගොවීන් අතරින් පොහොර සහනාධාර මුදල් ලබාගත් ගොවීන් සංඛ්‍යාව කොපමණද;

(v) පොහොර සහනාධාර මුදල් ලබාදීමට නියමිත ගොවීන් සංඛ්‍යාව කොපමණද;

(vi) මෙතෙක් පොහොර සහනාධාර මුදල් නොලැබුණු ගොවීන් සඳහා මුදල් ලබාදීමට නියමිත දිනය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)           (i)      18කි.

              (ii)      එම බල ප්‍රදේශ පිහිටි මධ්‍යස්ථාන නම්,

  1.  මාදම්පේ                                                10.  පාලකුඩාව

  2.  මුන්නේශ්වරම                                       11.  ආණමඩුව

  3.  රාජකදළුව                                             12.  මහකුඹුක්කඩවල

  4.  නාත්/තබ්බෝව                                      13.  සේරුකැලේ

  5.  කුඩාවැව               14.  නවගත්තේගම

6.  හාල්දඩුවන 15.  පුත්/තබ්බෝව

7.  නයිනමඩම 16.  ඉහළ පුලියන්කුලම

8.  මදුරන්කුලිය 17.  ඉඟිනිමිටිය

9.  වනාතවිල්ලුව 18.  පුත්තලම

         (iii), (iv) පොහොර සහනාධාර ඉල්ලුම් කර ඇති ගොවීන් සංඛ්‍යාව හා පොහොර සහනාධාර ලබාගත් ගොවීන් සංඛ්‍යාව මධ්‍යස්ථාන මට්ටමින් පහත වගුව මඟින් දක්වා ඇත.

 

ගොවිජන සේවා මධ්‍යස්ථානය

පොහොර සහනාධාර ඉල්ලුම් කර ඇති ගොවීන් සංඛ්‍යාව

පොහොර සහනාධාර මුදල් ලබා ගත් ගොවීන් සංඛ්‍යාව

මාදම්පේ

279

277

මුන්නේශ්වරම

216

215

රාජකදළුව

116

116

නාත්/තබ්බෝව

793

790

කුඩාවැව

238

238

හාල්දඩුවන

718

718

නයිනමඩම

  03

03

මදුරන්කුලිය

                   0

0

වනාතවිල්ලුව

               146

146

පාලකුඩාව

                   0

 0

ආණමඩුව

                 80

80

මහකුඹුක්කඩවල

                   0

0

සේරුකැලේ

               201

201

නවගත්තේගම

                   0

0

පුත්/තබ්බෝව

                 16

16

ඉහළ පුලියන්කුලම

               397

397

ඉඟිනිමිටිය

                 30

30

පුත්තලම

                 25

25

එකතුව

             3258

3252

(v) ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ ගොවීන් 06 දෙනෙක් ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙකක් මඟින් හෙක්ටයාර 2ට වඩා ඇති බිම් ප්‍රමාණයකට අයදුම් කර ඇති බැවින්, ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති හෙයින්, ගෙවීම් නවතා තිබේ. කෙසේ වෙතත් නිවැරදිව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ සියලුම ගොවීන්ට මුදල් ලබා දී ඇත.

(vi)           (v) පිළිතුරම අදාළ වේ.

 

 

(ආ)         අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks