පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1581/’17
ගරු විදුර වික්‍රමනායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ සිවිල් කටයුතු සිදුකරනු ලබන සිවිල් සේවකයන් වශයෙන් පත්වීම් ලැබූවන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට යටත් බව ඔවුන් වෙත ලබා දී ඇති පත්වීම් ලිපියේ සඳහන් කර ඇති බවත්;
(ii) එසේ වුවද, සේවා අවශ්‍යතාවය මත මෙම සේවකයන් දිනකට සීමා රහිත කාලයක් සේවය කරන බවත්;
(iii) එසේ අතිරේක කාලයක් සේවය කළද ඔවුනට අතිකාල දීමනා හෝ වෙනත් දීමනාවක් නොගෙවන බවත්;
(iv) එසේ වුවද, හමුදා කඳවුරුවල සේවය කරන සිවිල් සේවක කණ්ඩායම් සඳහා මාසයක කාලයක් තුළ පැය සියයක් නොඉක්මවන අතිකාල දීමනා ගෙවීම් කරනු ලබන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ ආකාරයට එක් කණ්ඩායමකට අහිමි වී ඇති අතිකාල දීමනා ඔවුන් වෙත ද ගෙවීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-08
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) නැත. සේවා අවශ්‍යතාවය මත මෙම සේවකයින් දිවා සහ රාත්‍රී වශයෙන් සේවා මුර දෙකක් සඳහා යොදවයි. දිවා සේවා මුරය පෙ.ව. 7.30 සිට ප.ව. 4.30 දක්වා ද, රාත්‍රී සේවා මුරය ප.ව. 4.30 සිට පසු දින පෙ.ව. 7.30 දක්වා ද වේ.
(iii) ඉහත (ii) පරිදි දිවා සේවා මුරය සඳහා ආහාර විවේකය ඇතුළුව පැය 09ක්ද, රාත්‍රී සේවා මුරය සඳහා පැය 15ක්ද සේවය කළ යුතුය. රාත්‍රී සේවා මුරය පැය 15ක් සේවය කිරීම වෙනුවෙන් පැය 06ක කාලයක් සඳහා අතිකාල දීමනා ගෙවනු ලබයි. සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් නිකුත් කර ඇති සිවිල් පරිපාලනය පිළිබඳව උපදෙස් සංග්‍රහයේ 6.10 පරිච්ඡේදය (ඇමුණුම I)* සහ ආරක්ෂක ලේකම්ගේ අංක MOD/ADM/0603/03/AY හා 2016.03.28 දිනැති ලිපිය (ඇමුණුම II)* අනුව, සිවිල් පරිපාලන අධ්‍යක්ෂ විසින් අතිකාල පැය 80ක් දක්වා ගෙවීමට අනුමැතිය ලබා දේ. අතිකාල පැය 80 ඉක්මවන අවස්ථාවලදී ආරක්ෂක ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුවේ.
(iv) සේවා අවශ්‍යතාව හා යුද්ධ හමුදා කඳවුරේ ඒකක ප්‍රධානීන්ගේ නිර්දේශ මත හමුදා කඳවුරුවල සේවයේ නියුතු සිවිල් සේවකයන්ට මසකට පැය සියයක් නොඉක්මවන සේ අතිකාල දීමනා ගෙවීමට අනුමැතිය ලබා දේ.
(ආ) යුද්ධ හමුදා රෝහලෙහි සේවය කරන සිවිල් සේවකයන්හට සේවා අවශ්‍යතාව පරිදි දැනටමත් අතිකාල දීමනා ගෙවීම සිදු කරනු ලබන අතර, කිසිදු කණ්ඩායමකට අතිකාල දීමනා අහිමි වී නැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks