01

E   |     |  

 දිනය: 2017-09-20   පිළිතුර ලබා දී ඇත 

1572/2017: නැඟෙනහිර පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පත්වීම්: අක්‍රමිකතා

1572/’17

ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      නැගෙනහිර පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නම් සහ ශ්‍රේණි කවරේද;

            (ii)      ඉහත (i) හි සඳහන් නම් අතරින් ස්ථිර පදනමින්, වැඩබලන පදනමින් සහ රාජකාරි ආවරණ පදනමින් සේවයේ නිරතවන කලාප අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වැඩබලන පත්වීම් ලැබීමට සුදුසුකම් ලත්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සිටියදී එම පත්වීම්  රාජකාරි ආවරණ පදනමින් කණිෂ්ඨ නිලධාරීන්ට ලබාදෙන බවත්;

(ii) ඉහත සඳහන් පත්වීම්, අංක 1928/28 සහ 2015.05.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකරන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවලට පටහැනි බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) (i) මෙම අක්‍රමිකතාවය නිවැරදි කිරීමට ක්‍රියාකරන්නේද;

(ii) එසේ නම්, ඒ කවදාද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-20

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 

(අ)           (i)

කලාපය    

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නම      

ශ්‍රේණිය

ත්‍රිකුණාමලය

එන්. විජේන්දිරන් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

මුතූර්

එම්.එස්.එම්. තාරික් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ III

කන්තලේ

බී. බස්නායක මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

කින්නියා

ඒ.එම්. අහමඩ් ලෙබ්බේ මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

ත්‍රිකුණාමලය උතුර

ජේ.එම්.ආර්.මෛත්‍රීපාල මයා

ශ්‍රී.ලං.අ.ප.සේ III

කල්කුඩා

ටී. රවී මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

මඩකළපුව මධ්‍යම

ඒ.එස්. ඉසඩීන් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ III

මඩකළපුව බටහිර

ඒ. කලගසූරියම් මෙනවිය

ශ්‍රී.ලං.අ.ප.සේ III

පදිරුප්පු

එන්. පුල්ලෙයිනායගම් මිය

ශ්‍රී.ලං.අ.ප.සේ I

කල්මුනේ

එම්.එස්. අබුදුල් ජලීල් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

අක්කරෙයිපත්තු

එල්.එල්.එම්. කාසීම් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

සමන්තුරේ

එම්.එස්. සුහුතුල් නජීම් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ III

තිරුක්කෝවිල්

ආර්. සුගිතරාජන් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

අම්පාර

එම්. විමලසේන මයා

ශ්‍රී.ලං.අ.ප.සේ II

දෙහිඅත්තකණ්ඩිය

නලීන් ප්‍රේමචන්ද්‍ර මයා

ශ්‍රී.ලං.අ.ප.සේ III

මහඔය

කේ.බී. ධර්මසේන මයා

ශ්‍රී.ලං.අ.ප.සේ III

මඩකළපුව

කේ. බාස්කරන් මයා

ශ්‍රී.ලං.අ.ප.සේ I

 

 

(ii)

 

 

කලාපය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නම    

ස්ථිර/වැඩබලන/රාජකාරී ආවරණය

ත්‍රිකුණාමලය

එන්. විජේන්දිරන් මයා

වැඩබලන

මුතූර්

එම්.එස්.එම්. තාරික් මයා

තාවකාලික

කන්තලේ

බී. බස්නායක මයා

වැඩබලන

කින්නියා

ඒ.එම්. අහමඩ් ලෙබ්බේ මයා

වැඩබලන

ත්‍රිකුණාමලය උතුර

ජේ.එම්.ආර්.මෛත්‍රීපාල මයා

රාජකාරි ආවරණය

කල්කුඩා

ටී. රවී මයා

වැඩබලන

මඩකළපුව මධ්‍යම

ඒ.එස්. ඉසඩීන් මයා

රාජකාරී ආවරණය

මඩකළපුව බටහිර

ඒ. කලගසූරියම් මෙනවිය

වැඩබලන

පදිරුප්පු

එන්. පුල්ලෙයිනායගම් මිය

ස්ථිර

කල්මුනේ

එම්.එස්. අබුදුල් ජලීල් මයා

වැඩබලන

අක්කරෙයිපත්තු

එල්.එල්.එම්. කාසීම් මයා

වැඩබලන

සමන්තුරේ

එම්.එස්. සුහුතුල් නජීම් මයා

රාජකාරී ආවරණය

තිරුක්කෝවිල්

ආර්. සුගිතරාජන් මයා

වැඩබලන

අම්පාර

එම්. විමලසේන මයා

වැඩබලන

දෙහිඅත්තකණ්ඩිය

නලීන් ප්‍රේමචන්ද්‍ර මයා

රාජකාරී ආවරණය

මහඔය

කේ.බී. ධර්මසේන මයා

රාජකාරී ආවරණය

මඩකළපුව

කේ. බාස්කරන් මයා

ස්ථිර

(ආ) (i) සුදුසුකම් ලත් නිලධාරීන් සිටියදී රාජකාරි ආවරණ පදනමින් කණිෂ්ඨ නිලධාරීන්ට පත්වීම් ලබා දෙනු නොලැබේ.

(ii) සේවා ව්‍යවස්ථාවට පටහැනි නැත.

අංක 1928/28 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාව අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ය. නමුත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් නොමැති වූ විට සේවා අවශ්‍යතාව මත II ‍ශ්‍රේණියේ හෝ III ශ්‍රේණියේ නිලධාරියෙකු වැඩබැලීමේ පදනම මත එම තනතුරට පත් කිරීමට සිදු වේ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් නොමැති වීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය, මහඔය, සමන්තුරේ, මඩකළපුව මධ්‍යම හා ත්‍රිකුණාමලය උතුර කලාපය සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව පළාත් රාජ්‍ය සේවා කොමිෂම විසින් රාජකාරි ආවරණයට පත් කර ඇත.

(ඇ) (i) අක්‍රමිකතාවක් සිදු වී නොමැති අතර, සුදුසුකම් ලත් නිලධාරි හිඟය හා සේවා අවශ්‍යතාව නිසා මෙවැනි පරිපාලන තීරණ ගැනීමට සිදු වේ.

(ii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියට නිලධාරීන් උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ කටයුතු දැනට සිදු කරමින් පවතින අතර, එසේ උසස් වීම් ලබන නිලධාරීන් දැනට පුරප්පාඩු වී ඇති කලාප අධ්‍යාපන කාර්යාල සඳහා ඉදිරියේදී ස්ථානගත කිරීමට සැලසුම් කර ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks