පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1571/’17
ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) නැගෙනහිර පළාතේ ජාතික පාසල් සඳහා,
(i) අනුමත විදුහල්පතිවරුන් සංඛ්‍යාව කවරේද;
(ii) දැනට සේවය කරන විදුහල්පතිවරුන්ගේ නම් සහ ඔවුන්ගේ ශ්‍රේණි කවරේද;
(iii) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතිය ඇතිව සේවයට යොදවා ඇති විදුහල්පතිවරුන්ගේ නම් කවරේද;
(iv) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතියෙන් තොරව පත්වීම් ලැබූ විදුහල්පතිවරුන්ගේ නම් සහ එම පත්වීම් අනුමත කළ නිලධාරියාගේ නම කවරේද?
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා හැර වෙනත් නිලධාරියකු විසින් ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම නිසි පිළිවෙළ වන්නේද;
(ii) මෙය නිවැරදි කිරීමට පියවර ගනු ලබන්නේද;
(iii) එසේනම්, ඒ කවදාද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-19
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැඟෙනහිර පළාතේ ජාතික පාසල් තිහක් ඇති අතර අනුමත විදුහල්පතිවරුන් සංඛ්‍යාව 30කි.
(ii) ඇමුණුම 01හි සඳහන් වෙයි.
(iii) ඇමුණුම 02හි සඳහන් වෙයි.
ඇමුණුම් සභාගත* කරමි.
(iv) ඔව්.
එස්. දයාපරන් මහතා.
මඩ/ ශිවානන්ද ජාතික පාසලේ හිටපු විදුහල්පති විශ්‍රාම යෑමෙන් අනතුරුව එම පාසලේ සිටි ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විදුහල්පතිවරයා වූ එස්. දයාපරන් මහතා, එම පාසලේ විදුහල්පති තනතුරේ රාජකාරි ආවරණයට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කර ඇත.
වන්නියසිංහම් ජයන්තන් මහතා:
අම්/තම්බිලුවිල් මධ්‍ය මහා විද්‍යාලය ගිය වසරේ ජාතික පාසලක් බවට පත් කර ඇති අතර, ඉන්පසු ජාතික පාසල් සඳහා විදුහල්පතිවරු පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් නොපැවැත්වූ බැවින්, මෙතෙක් එම පාසල සඳහා ස්ථීර විදුහල්පතිවරයෙක් පත් කර නොමැති අතර, එම පාසලේ විදුහල්පති තනතුරේ රාජකාරි ආවරණයට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් වන්නියසිංහම් ජයන්තන් මහතා පත් කර ඇත.
යූ.එම්. උපුල් කිත්සිරි මහතා.
ත්‍රී/සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස ස්ථීර විදුහල්පතිවරයෙක් පත් කරන තෙක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව එම පාසලේ විදුහල්පති තනතුරේ රාජකාරි ආවරණයට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විසින් පත් කර ඇත.
(ආ) (i) ජාතික පාසල්වල ස්ථිර විදුහල්පතිවරුන් පත් කිරීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් ස්ථීර පත්වීම් ලිපියක් නිකුත් කරනු ලබයි. නමුත්, ජාතික පාසලක විදුහල්පති තනතුර පුරප්පාඩු වූ අවස්ථාවකදී එම පුරප්පාඩුව සඳහා විධිමත් පරිදි නිලධාරියෙකු පත් කරන තෙක් එම පාසලේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි ආවරණයට පත් කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ PSC/APP/07/262/2012 හා 2016.06.29 දිනැති ලිපිය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පවරා ඇත.
(ii) ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම දැනටමත් විධිමත්ව සිදු කරනු ලබයි. තවද, ජාතික පාසල්වල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කළ "විදුහල්පති සංචිතයක් පිහිටුවා පුරප්පාඩු පවතින ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය" සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇත.
(iii) ඉහත ක්‍රියා මාර්ගය අනුව ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා අදාළ පුවත් පත් නිවේදනය කඩිනමින් පුවත් පත්වල පළ කිරීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks